නයි එළියට දාන්න ඕන - මරික්කාර්නයි එළියට දාන්න ඕන - මරික්කාර්

නයි එළියට දාන්න ඕන - මරික්කාර්නයි එළියට දාන්න ඕන - මරික්කාර්


පැවති පාලනය ඉවත් කර 2015 ජනවාරි 08 නව පාලනයක් පිහිටවූයේ දූෂණය, වංචාව, මිනීමැරුම් මුළුමනින් ම තුරන් කිරීමට බවත් තමන් ජනතාවට ඒ පිළිබඳව පොරොන්දු දුන් බවත් පැවසූ ඒ මහතා දැනට වසර දෙකක් ගතවී ඇතත් ඒ ඉටු කරගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් ලැජ්ජාවට පත්වන බව පැවසීය. 

සොරකම් වලට නඩු දැමීමට, මිනීමරුවන්ට දඬුවම් දීමට අදාලව නීතිමය බාධා පවතී නම් ව්‍යවස්ථාවට අදාල සංශෝධන ඉදිරිපත් කර හෝ ඊට අවශ්‍ය පසුබිම සකස් කිරීම අධිකරණ අමාත්‍යවරයාගේ වගකීම බවත් ඔහු එය නොකරමින් රට වටේ බයිලා කියකියා යනවා නම්, පක්ෂ නායකත්වය විවේචනය කරනවා නම්, පක්ෂයේ ප්‍රතිපත්ති කඩකරනවා නම් ඔහු ඉවත් කිරීම හැර වෙන කුමක් කරන්නදැයි මරික්කාර් මහතා විමසා සිටියේය. 

එසේම පොදු අපේක්ෂකත්වයක් පිළිබඳව මහින්ද රාජපක්ෂගේ ඇමකට රැවටී ආණ්ඩුව කඩාකප්පල් කිරීමේ උගුලකට අධිකරණ අමාත්‍යවරයා හසුවීම පිළිබඳව තමන්ට කරන්නට දෙයක් නොමැති බවත්, ගැමි වහරේ ආකාරයට නයා ඇඳුම ඇතුළේ දාගෙන කනවා කනවා කියමින් සිටීම නොව නයා එළියට දැමීම කළ යුතු බවත් දැන් කරන්නේ එය බවත් මරික්කාර් මහතා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment