බත්තරමුල්ල රජයේ සේවකයන්ගේ කාර්යාල වෙලාව ලබන 18 සිට 7.15- 3.15


රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ඊයේ 6 නිකුත් කරනු ලැබූ චක්‍රලේඛයට අනුව
බත්තරමුල්ල ප්‍රදේශයේ රජයේ කාර්යාල වල කාර්යාල වේලාව වෙනස් කර ඇත. ඒ අනුව පැවති වේලාවන් වූ උදේ 8 හා සවස 4 හෝ  උදේ 9 හා සවස 5 වෙනුවට පෙරවරු 7.15 සිට පස්වරු 3.15 හඳුන්වා දී ඇත.

මෙගාපොලිස් සහ

බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව මෙම පියවර ගෙන ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පවතින දැඩි වාහන තදබදය අවම කිරීම පිණිස බව දන්වා තිබේ.
 උදේ හා සවස මාර්ග තදබදය අවම වේලාවන් හිදී කාර්යාලය වෙත යාමටත් ආපසු නිවෙස් බලා යාමටත් මෙමගින් ඉඩ සලසනු ඇති බවත් සියල්ලන් මෙම වේලාවන්ට අනුව  ලබන 18 සිට වැඩ කිරීම අනිවාර්ය බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
මෙම වේලාවන් පිළිබඳ ඒ ඒ ආයතන සිය සේවකයින්ට වෙනම දැනුවත් කරනු ඇත.
මෙය නියමු ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන බව දන්වා ඇත.
 ඉදිරියේදී මෙවැනි නම්‍යශීලී කාර්යාල වේලාවන් බත්තරමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතන සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment