වසර 32 කට පසුව යාපනයේ තිරික්කල් තරඟාවලියක් !

වසර 32 කට පසුව යාපනයේ තිරික්කල් තරඟාවලියක් !

 

ඌර්කාවත්තුරෙයි පුදුවේලි ක්‍රීඩාංගනයේ පැවති මෙම තිරික්කල් රෙස් තරගාවලියට උතුරු පලාතේ ජවසම්පන්න ගවයින් 35 දෙනෙකු සහභගී කරවගෙන තිබූ අතර එක් ගවයෙකු රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුක්ත වන බවටද ගවයින්ගේ හිමිකරුවන් කියා සිටියහ.

මෙම තරගාවලියේ තවත් විශේෂත්වය වූවේ තරගාවලියට සම්බන්ධ වන කිසිදු ගවයෙකුට පහරදීමට හෝ හිරිහැර කිරීමට තහනම් බවටත් එසේ සිදු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවටයි.
කෙසේ වෙතත් පැරණි සම්ප්‍රදායන්ට අනුව පැවති මෙම තරගාවලිය නැරඹීම සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර තරඟාවලියේ ජයග්‍රාහකයින්ට රන් වළලු ආදී වටිනා ත්‍යාගද හිමි විය.
වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment