අමිර්තලිංගම්ගේ පුතෙකු මාධ්‍යවේදියෙකුටපහර දෙයි!

අමිර්තලිංගම්ගේ පුතෙකු මාධ්‍යවේදියෙකුටපහර දෙයි!


පාර්ලිමේන්තුවේ හිටපු විපක්ෂ නායකවරයකු වන අමිර්තලිංගම් මහතාගේ 90 වැනි ගුණානුස්මරණය යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවති අවස්ථාවේදී මාධ්‍යෙව්දී එම්.පරමේෂ්වරන් මහතා විසින් යාපනය වීරසිංහම් ශාලාවේදී පොතක් එලිදක්වන බව පවසමින් අත්පත්‍රිකා බෙදමින් සිටි අවස්ථාවේදී අදාල පහරදීම සිදුව ඇත.

අදාල අත්පත්ත්‍රිකාවේ සඳහන් කර ඇත්තේද අමිර්තලිංගම් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඡන්දය නොදී නැගිට ගියේනම් ඔහු දෙමළ නායකයකු ලෙස පිළිගත නොහැකි බවකි.

අමිර්තලිංගම් මහතාගේ පුත්‍රයා වන කාන්දීපන් සහ වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති ගෞරිනන්දන් යන අය විසින් පහරදීම සිදු කළ බව පරමේෂ්වරන් මහතා සඳහන් කර සිටියේය.

අමිර්තලිංගම් මහතා වෙනුවෙන් පැවැති ගුණානුස්මරණ උත්සවයකදී ඔහුගේ පුත් කාන්දීපන් කියා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආ අවස්ථාවේ එම විවාදය යන අතරතුර පමණක් අමිර්තලිංගම් මහතා සභා ගැබෙන් පිටව ගිය බවය.

එවැනි අවස්ථාවක ඔහු දෙමළ ජනතාවගේ නායකයකු ලෙස පිළිගත නොහැකි බව සඳහන් අත්පත්‍රිකාවක් බෙදමින් සිටිය දී පරමේෂ්වරන් මහතා මෙසේ පහරකෑමලට ලක්ව ඇති බවටයි යාපනය පොලීසිය කියා සිටියේ.

පහර දීමට සම්බන්ධයෙන් කළ පැමිණිල්ල පිළිබඳව යාපනය පොලීසිය කිසිදු පියවරක් ගෙන නොමැති බවටද මාධ්‍යවේදී පරමේෂ්වරන් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

වන්නි රොමේෂ් මධුෂංඛ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment