ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ ලක්ෂ 7815 අපාර්ට්මන්ට් දෙකක් හදනවලු - නාමල්ගෙන් හෙළිදරව්වක්


ඕස්ට්‍රේලියානු ඩොලර් 6,500,000.00 (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 7815) ක මුදලක් වියදම් කර ඕස්ට්‍රේලියාවේ
මහල් නිවාස සංකීර්ණ දෙකක්

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉදිකරමින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් වලින් මෙම කටයුතු සිදු කෙරෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ (ජනපති පුත්‍රයා නොවේ) අද විශේෂ හෙළිදරව්වක් කරන්නට නියමිතය.

උදය ගම්මන්පිල ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික්ගේ ව්‍යාපාර ජාලයේ වංචාවන් රැසකට සම්බන්ධකම් ඇති බවත් සිඩ්නි ජයසිංහ නම් ව්‍යාපාරිකයා සමඟ දේශීය ව්‍යාපෘති කිහිපයකද වංචා සහගතව මුදල් උපයා ඇති බවත් පවසමින් මෙම හෙළිදරව්ව සියලු ගණං හිළව් ලිපි ලේඛන සමග
පොලිස් විශේෂ විමර්ශන අංශය(SIU) දැනුවත් කිරීමට අද බලාපොරොත්තුවන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් අදාළ තොරතුරු සහ සාක්ෂි ලබාදීම අද(29) පස්වරු 1.30 ට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපස පොලිස් විශේෂ විමර්ශන ඒකකයේදී සිදු කරන බව දන්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment