මෙක්සිකෝවේ කම්පනය 8.4 ක් ගොඩනැගිලි වැටී දැනට වාර්තාගත මරණ 2 යි


මෙක්සිකෝවේ කම්පනය 8.4 ක්
ගොඩනැගිලි වැටී දැනට වාර්තාගත මරණ 2 යි

මෙක්සිකෝවේ වේලාවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රී 11.49 ට පමණ (ලංකාවේ වේලාව උදේ 10.19) මෙක්සිකෝවේ දකුණු වෙරළ බඩ මුහුදේ සිදුවූ භුමි කම්පාව නිසා එරට ගොඩනැගිලි සෙලවීම් හා කඩා වැටීම් සිදුවූ අතර මේ හේතුවෙන් 2 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා තහවුරු කර තිබේ.
දැනටමත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර
ඇති මෙම භූමි කම්පාව සිදුවී පැය තුනකින්

එනම් ලංකාවේ වේලාවෙන් දවල් 1.30 ට පමණ සුනාමි තත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.
.මෙක්සිකෝව, ගොතමාලාව, පැනමා, එල් සැල්වදෝරය, කොස්ටාරිකා, නිකරගුවා, හොන්ඩුරාස්, ඉක්වදෝරය යන රටවල් වලට මෙම අවදානම ඇතිව තිබේ.
භූමි කම්පාවේ අගය 8.4 ලෙස මෙක්සිකානු වාර්තා සඳහන් කරන අතර ඇමරිකානු භූ විද්‍යා වාර්තා අනුව 8.0, 8.1 හා 8.2 ලෙස විවිධ වාර්තා සඳහන් කර තිබුණි.
මෙම තත්වය මත බිහිසුණු සුනාමි අවදානමක් මතුවී තිබේ.
පහත පළවන්නේ ගොඩනැගිලි ඇදවැටුණ ස්ථාන හා ජනතාව කලබලවී සිටින ඡායාරූප කිහිපයකි.






Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment