මිනිස් වෙළඳාමෙන් ලංකාව දෙකට වැටේ

HUMANS

මිනිස් වෙළඳාම නරක ලෙසම සිදුවන රටවල් අතර ආසියාවේ ප්‍රමුඛ රට ලෙස මෙතෙක් හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාව මේ වන විට එහි දෙවැනි තැනට පත්ව ඇතැයි අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා.

මිනිස් වෙළඳාම මැඩලීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන අධිකරණ අමාතයංශයේ දී නිල වශයෙන් අද (06) ආරම්භ කළ අවස්ථාවේදි අමාත්‍යවරිය සදහන් කළේ නමුත් තවමත් ශ්‍රී ලංකාව මිනිස් වෙළඳාම සිදුවන රටක් යන ලේබලය යටතේ පවතින බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින බවත්ය.

මිනිස් වෙළඳාම අවම කිරීම සම්බන්ධයෙන් සහාය වීමට, නඩු පැවරීමට සහ වැඩිදුර තොරතුරු සැපයීම සඳහා සංක්‍රමණය සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික සංවිධානය විසින් කෂණීක දුරකථන ඇමතුම් සේවාවක් ලබා දී ඇති අතර 0766588688 දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා දිය හැකි බවද අමාත්‍යාංශය සදහන් කරනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment