අවුරුදු දෙකේ වැඩ ගැන අගමැති කියයි !

අවුරුදු දෙකේ වැඩ ගැන අගමැති කියයි !

ආණ්ඩුවේ ක්‍රියාවලිය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් අප පිළිගැනීමට පත්ව ඇති බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

රට තුළ පැවති දරුණු අපරාධ 30%කින් අඩු කර ඇති අතර රැකියා ලක්ෂ 4ක් ලබා දීමටත් නිවාස ලක්ෂ 2ක් ලබා දීමටත් පසුගිය වසර දෙක තුළ ආණ්ඩුව කටයුතු කළ බව අගමැතිවරයා ප්‍රකාශ කළේය. මේ අතර ඉන්ධන මිල 22%න් අඩු කිරීමටද ක්‍රියා කළ බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම සියලු කාරණා මැද අලුත් දේශපාලන සම්ප්‍රදායක් ඇති කිරීමට හැකි වීම දේශපාලන ජයග්‍රහණයක් බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ. ඉතිහාසය දෙස බැලීමේදී රටේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමට එක්සත් ජාතික පක්ෂය සෑම විටම මැදිහත් වූ බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

නිශාන්ත ප්‍රියදර්ශන

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment