කැබිනට් රැස්වීමේදී එස්.බී - සුසිල් ගැටෙති.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේ දී සුසිල් ප්‍රේමජයන්ත සහ එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් අතර උණුසුම් මත ගැටුමක් ඇතිවූ බව වාර්තා වේ.

මේ හේතුවෙන් කැබිනට් රැස්වීමේ ද උණුසුම්කාරී වූ බව රජයේ ආරංචි පවසයි.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් ඡන්දයට වසරකට පෙර රාජකාරියෙන් ඉවත්විය යුතු බවට පළාත් පාලන මැතිවරණ පනතට ගෙනෙන ලද සංශෝධනය සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇතිව තිබෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මැදිහත්වී දෙදෙනා අතර මත ගැටුම සමථයකට පත්කර ඇතැයි ද කියති.

පනත් කෙටුම්පත් තුනකට කැබිනට් අනුමැතිය

පළාත් පාලන මැතිවරණයට අදාළ පනත් කෙටුම්පත් තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද (6) පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවී ඇත.


මහ නගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත යන පනත් කෙටුම්පත් තුන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මෙසේ අනුමැතිය ලබාදී තිබේ.

පළාත් මැතිවරණයත් මිශ්‍ර ක්‍රමයට

පළාත් සභා මැතිවරණයද පළාත් පාලන මැතිවරණය මෙන් කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇත.

ඒ අනුව පළාත් සභා මැතිවරණය සියයට 60ක්  කොට්ඨාස ක්‍රමය යටතේ ද සියයට 40ක් අනුපාත ක්‍රමයට ද පැවැත්වීමට හැකිවන සේ පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(6) පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment