විවාහ වී සති දෙකෙන් මිය ගිය තරුණ ව්‍යාපාරිකයාගේ ඝාතකයා කවුද?

තරුණ ව්‍යාපාරිකයෙකු වන චමින්ද විජයතිලක නැමැත්තා පසුගිය 31වන දින ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක් වන හවුස් චන්ද්‍රා හෝටලයේදී ඝාතනය කර ඇතැයි පොලිස් වාර්තා පවසයි.

නමුත් මෙම ව්‍යාපාරිකයා මියගොස් ඇත්තේ පසුගිය 5වෙනිදා උදැසන බව ඔහුගේ පවුලට සමීප ආරංචි මාර්ග පවසයි.

එසේම ඔවුන් චෝදනා කරන්නේ පොලිසිය සහ හෝටල් හිමියන් එක්ව අදාල සිදුවීම වසන් කිරීමේ උත්සාහයක නිරත වන බවයි.

කෙසේ නමුත් පවුලට සමීප ආරංචි මාර්ග අනුව පසුගිය 31 වැනිදා අදාල ව්‍යාපාරිකයා හමුවන්නේ වම් අතේ අඟල් 9 ක් දිග කැපුම් තුවාලයක්, දත් 4 ක් මුලින්ම උගුල්ලා, හිස්කබල පිපිරී, හිසපිටුපසින් තුවාල වී, දිවේද කැපුම්තුවාල සහිතව ලේ විලක් මැදමරණාසන්නව අදාල හෝටලයේ කාමරයක වැටී සිටිය දීය.

ඒ වන විට ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි අදාල ව්‍යාපාරිකයා 31 වැනිදා හවස කළුබෝවිල ශික්ෂන රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කරනු ලබන අතර ඔහු කළුබෝවිල ශික්ෂන රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබයි.

පසුගිය 3 වැනිදා වන විට අදාල ව්‍යාපාරිකයාට දියරමය ආහාරපාන නල මාර්ගයෙන් ලබාදීමට ආරම්භ කළද වෛද්‍යවරුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඔහු පසුගිය 5 වැනිදා උදෑසන මරණයට පත් වී තිබේ.

කෙසේ නමුත් ඊයේ සවස අධිකරණ වෛද්‍ය ක්‍රියාවලිය වෙත ගල්කිස්ස පොලීසියෙන් ඉදිරිපත් කල වාර්ථාවට අනුව 31 වැනිදා අදාල ව්‍යාපාරිකයා හෝටලයෙන් සොයාගන්නා විටදීත් මියගොස් ඇතැයි වාර්තා කර තිබු බව ඔහුගේ පවුලට සමීප ආරංචි මාර්ග පවසයි.

මෙසේ මිය ගිය ව්‍යාපාරිකයා විඅවාහ වී ඇත්තේ මීට සති දෙකකට පමණ පෙර වන අතර ඔහුගේ විවාහයට සාක්ෂි ලෙස අත්සන් තබා ඇත්තේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ඔටාරා ගුණවර්ධන මහත්මිය විසිනි.

මෙම සිදුවීම සිදු වූ දිනයේ දී ඔහුගේ බිරිද ද ඔහු සමගම එම හෝටල් කාමරයේම නවාතැන් ගෙන සිටි අතර බිරිඳ කිසියම් අවශ්‍යතාවයකට කාමරයෙන් පිට ව ගොස් තිබු අවස්ථාවේ මෙම ඝාතනය සිදු වී ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.

තවද මෙම තරුණ ව්‍යාපාරිකයා විවාහ වුණු තැනැත්තිය මීට පෙර හමුදා නිළධාරියෙකු සමග විවාහ ගිවිස ගෙන සිටි බවට ද 'ඉරිදා ඇපල්' පුවත්පතේ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

කෙසේ නමුත් මෙම තරුණ ව්‍යාපාරිකයෙක් මරණය තවමත් අභිරහසකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment