ලලිත්ට හා අනූෂට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඩුවම්

Anusha-lalith_07_09_2017

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සන්දේශ කොමිසම් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඩුවමක් කොළඹ මහාධිකරණය විසින් පනවා තිබෙනවා.

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළව මෙම නඩු තීන්දුව මහාධිකරණය විසින් ලබා දී ඇත.

සිර දඩුවමට අමතරව රුපියල් ලක්ෂ 50 බැඟින් වරදකරුවන් දෙදෙනාට ලක්ෂ 100 ක වන්දි මුදලක් ගෙවීමට නියම කළ අතර එය සැප්තැම්බර් මස 20ට පෙර ගෙවන ලෙස මහාධිකරණය විසින් නියෝග කර තිබේනවා.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment