දිවයිනට තවදුරටත් අධික වැසි ප්‍රදේශ රාශියක් ජලයෙන් යටවේ

Flood_07_09_2017

ගත වූ පැය 24 තුළ දිවයිනේ ඇතම් ප්‍රදේශ වලට මිලීමීටර් 100ත්/ 150ත් අතර තද වැසි ඇතිව තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ හේතුව නිසා බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල ප්‍රදේශ රැසක පහත් බිමි් රැසක් ජලයෙන් යට වී ඇති බව වාර්තා වෙනවා. ජලයෙන් යටවීම නිසා කොළඹ රත්නපුර මාර්ගය, අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයෙන් සහ ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.

මාතර දිස්ත්‍රික්කයට ඊයේ රාත්‍රියේදී දැඩි වර්ෂාවක් පතිත වීම හේතුවෙන් නිල්වලා ගගේ ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින බව මාතර ප්‍රාදේශීය වාර්තාකරු පවසනවා. දෙනියාය, පස්ගොඩ, මුලටියන, කඹුරුපිටිය, කරගොඩ- උයන්ගොඩ, විටියල, කද්දුව වැනි ප්‍රදේශවලට වැඩි වර්ෂාවක් ලැබී තිබෙනවා. නිල්වලා ගගේ ජල මට්ටම ඉහළ යමින් පවතින බැවින් පහළ නිම්නය ආශ්‍රිතව ජීවත් වන ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙස මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය අනතුරු අගවා සිටිනවා.

ගත වූ පැය 24 තුළ කළුතර දිස්ත්‍රික්කයට මිලිමීටර් 92ක වර්ෂාවක් පතිත වී ඇති බවත් එය 100 සිට 150 දක්වා ඉහළ ගියහොත් අවදානම් ස්ථානවලින් ඉවත් වන ලෙස කළුතර දිස්ත්‍රික් භූ විද්‍යා කාර්යාලයේ භූ විද්‍යාඥ හර්ෂ ඒකනායක මහතා පවසා සිටියා.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment