ශ්‍රී ලංකාවේ අනාගතය රග්බි - මහේලගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.


ශ්‍රී ලංකාව රග්බි ක්‍රීඩාව තුළින් ඉදිරියට එනු ඇති බවත් අනාගතයේදී ලෝකයේ ප්‍රධාන රග්බි ක්‍රීඩා කරන රටවල් විස්ස අතරට ශ්‍රී ලංකාව පැමිණෙනු ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා සඳහන් කරයි.

නවසීලන්ත රග්බි කණ්ඩායමේ (ඕල් බ්ලැක්ස්) ප්‍රේක්ෂකයෙකු වන මහේල එම කණ්ඩායමේ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් මේ බව පවසා ඇත.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩකයන්ට වේගය හා කුසලතාව තිබුණත් දේහධාරී හා ශක්තිය නොමැතිවීම ගැටළුවක් වි ඇති බවත් ඔහු පවසයි.කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ගැටලුව නිමා වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.

මේ අතර පාසල් රග්බි ක්‍රීඩාව ඉදිරියට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජයන්ට ක්‍රීඩා කිරීම සඳහා මේ වන විට එංගලන්තය, ෆිජී, සැමෝවා ඇතුළු රටවලින් ක්‍රීඩකයන් පැමිණෙන බවත් ඔහු සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment