මෙක්සිකෝවට සුනාමි!

මෙක්සිකෝවට සුනාමි!

මුහුදු රළෙහි උස මීටරයකින් පමණ මූලිකව ඉහළ යාමෙන් අනතුරුව මේ වන විට නිරිත දිග වෙරළ තීරයේ ජීවත් වන ජනයා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීම ද ආරම්භ කර ඇත. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසා තිබෙන්නේ මීටර 3 ක් පමණ උස රළ, ඉක්මනින්ම ගොඩබිම වෙත ළඟාවනු ඇති බවයි. කුක් දූපත්, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ෆීජි දූපත්, ප්‍රංශ පොලිනීසියාව, ග්වාතමාලාව සහ කිරිබාති දූපත් ආශ්‍රිතව ද මුහුදු මට්ටම ඉහළ යනු ඇතැයි සැලකේ. ඔස්ට්‍රේලියාව, ජපානය සහ වියට්නාමය වැනි දුරබැහැර රටවලට පවා මෙම රළ ඉහළ යාමේ බලපෑම ඇතිවන බවට අනතුරු අඟවා තිබේ. 

භූ චලනය ඇති වී තිබෙන්නේ චියාපාස් ප්‍රාන්තයට කිලෝමීටර 165 ක් පමණ බටහිර දෙසිනි. පළමු කම්පනය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙක් පමණ මරණයට පත්වී ඇත.  1985 වසරෙන් පසු එරටින් වාර්තා නව දරුණුතම භූමිකම්පාව මෙයයි. 

- අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment