ආණ්ඩුවෙන් නොයන බවට සුසිල් ගෙන් සහතිකයක්.


මේ අවස්ථාවේදී ආණ්ඩුවෙන් ඉවත්වීමේ සුදානමක් නොමැති බව අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත මහතා ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයේදී ශ්‍රීලනිප යලි එක්සත් කර, පක්ෂය දිනවීමට තම උපරිම සහය ලබාදෙන බවටත් ඔහු සහතික වී තිබේ.

සුසිල් ප්‍රේම්ජයන්ත, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශණ යාපා,  ටී.බී. ඒකනායක, සුමේදා ජයසේන, ඩුලිප් විජේසේකර, අරුන්දික ප්‍රනාන්දු, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, සුසන්ත පුංචි නිලමේ, නිමල් ලංසා යන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බව පසුගිය දින කිහිපයෙහි මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

එසේ නම් සඳහන් කිහිප දෙනෙකුම ඊයේ පාර්ලිමේන්තුවේදී හමුවී ආණ්ඩුවෙන් ඉවත්වීමට මෙය අවස්ථාව නොවන බවට තීන්දු කර තිබේ.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව අධිකරණය විසින් ඊයේ ලබාදුන් තීන්දුව ඔවුන් බරපතල ලෙස සාකච්ජාවට ලක් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment