සීනි වැඩියි කියා අනුෂ හා ලලිත් රෝහලේ


සීනි වැඩියි කියා 
අනුෂ හා ලලිත් රෝහලේ

ඊයේ බරපතල වැඩ සහිත සිර දඩුවමට ලක්වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා හිටපු වි.ස.නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දෙදෙනාටම එකවර දියවැඩියා රෝග ලක්ෂණ පෙන්නුම් කර තිබෙන අතර ඒ හේතු මත බරපතල වැඩ වෙනුවට පැය කිහිපයකින්ම බන්ධනාගාර රෝහලේ සයනය වෙත යොමු කිරීමට වෛද්‍යවරියක කටයුතු කර තිබේ.
 වීරතුංග පැල්පිට දෙදෙනා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට පෙර
වැලිකඩ ‘කේ‘ වාට්ටුවෙහි රඳවා සිටියදී රෝගී තත්වයක් ඇතිනම් ඊයේ සවසම එහි ඩිස්පෙන්සරියක් වෙත යොමුවීමට අවශ්‍ය වුවද එසේ නොකර තමන්ට අවශ්‍ය වෛද්‍යවරියක ලබා නිර්දේශ ලබාගෙන මෙලෙස රෝහල් ගතවී ඇත.
මෙම ඩිස්පෙන්සරිය භාරව ඊයේ සවස 6.00 දක්වා කටයුතු කර ඇත්තේ

වෛද්‍ය කණ්නබ්බි නමැත්තෙකි.  සවස 6.00 සිට වෛද්‍ය සන්ධ්‍යා මහත්මිය වැඩබාර ගෙන තිබෙන නමුත්, බන්ධනාගාර නිලධාරීන් ලලිත් – අනුෂ දෙදෙනා එම වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් නොකර වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය නව සිරකරුවන් දෙදෙනා හමුවීමට යොමු කර ඔවුන් දෙදෙනා පරීක්ෂා කර බලා ඔවුන්ට සීනි තත්වය ඉහළ බවත් බරපතල දියවැඩියාව රෝගීන් හෙයින් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිර්දේශ කර තිබෙන බවයි වාර්තා විය.
අද(08) උදෑසන 11 ට පමණ ඔවුන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබේ
ඊයේ සවස අගමැතිවරයා සමග මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයද මෙම සිරගතවීම ගැන සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එය සිදුවී පැය කිහිපයකින් මෙම නිර්දේශය ලැබී තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment