වතුකම්කරුවන් ඇගයීමට ලක් කෙරේ!

වතුකම්කරුවන් ඇගයීමට ලක් කෙරේ!
 
මෙහිදී කැළණිවැලි වැවිලි සමාගමේ වතුකම්කරුවන් පන්සිය පනස් දෙනෙකුට පදක්කම් හා සහතික පත් ලබා දී උපහාර පුදනු ලැබීය. 
 
මෙහිදී වැවිලි සමාගමේ දීර්ඝ කාලයක් සේවය කළ වතුකම්කරු කාන්තාවන් හා පිරිමි හාරසිය දෙනෙකුට පදක්කම් පිරි නමන ලදී. 
 
 වර්තමානයේ තේ කර්මාන්තය පවත්වාගෙන යෑමට ශ්‍රමදායකත්වය අඩුව පවතින නිසා දැනට සේවය කරන වතුකම්කරුවන් තවදුරටත් එම කර්මාන්තයේ රඳවා ගැනීම සහ අලුතින් සේවකයින් තේ කර්මාන්තයට ආකාර්ෂණය කර ගැනීමේ අරමුණින් මේ උත්සවය සංවිධානය කළ බව  වැවිලි සමාගමේ නිළධාරීන් පැවසීය.
 
මෙම උත්සවයට එම වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි සරත් සිරිමාන්න, විධායක අධ්‍යෂක රොෂාන් රාජතුරෙයි සහ එම සමාගමෙ සාමාන්‍ය අධිකාරී අනුර විජේකෝන් යන මහතුන් ඇතුලු නිළධාරීන් රැසක් සහභාගි විය.
 
හැටන් - රංජිත්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment