සිල්රෙදි නඩුවේ තීන්දුව අද.


හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට හා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පැවරූ සිල්රෙදි නඩුවේ තීන්දුව අද (07 දා) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක්‌ වැය කර දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්‌ථානවල උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදා දීම මගින් පොදු දේපළ පනත යටතේ ගැනෙන හා දණ්‌ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment