‘ෆෝන් හෙර‘ කියුවැයි කලකිරී 4 පන්තියේ පාසැල් දැරිය දිවිනසාගෙන

බළන්ගොඩ රන්දොලවත්ත ප්‍රදේශයේ හතර වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් දැරියක්‌ පෙරේදා (13 දා) සිය නිවස තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ ඇත.
මෙසේ මිය ගොස්‌ ඇත්තේ පාතිමා ක්‍රිෂ්ණා (10) නමැති කිරිමැටිතැන්න විදුහලේ ඉගෙනුම ලැබූ සිසු දැරියකි‍ෙ
මරණ පරීක්‍ෂණය ඊයේ (14 දා) බළන්ගොඩ මූලික රෝහලේදී පවත්වන ලදී

එහිදී සාක්‍ෂි දුන් මියගිය දැරියගේ මව මෙසේ ප්‍රකාශ කළාය.

මෙසේ මියගොස්‌ සිටින්නේ මගේ වැඩිමහල් දියණියයි. ඇය 4 වැනි පංතියේ ඉගෙනුම ලබමින් සිටියා. සිද්ධිය වූ දිනයේ ඇය පාසල් ගියේ නැහැ.
මම ඇයගෙන් පාසල් නොයන්නට හේතු විමසුවා. එහෙත් මෙහිදී ඇය “යන්න බැහැ. පසුදා යන්නම්” කීවා.
මෙයට මාස තුනකට පමණ පෙර මෙම දියණියගේ පාසල් බෑගයේ ජංගම දුරකථනයක්‌ තිබී මට හසුවුණා. මම පසුව දියණිය ද සමග පාසලට ගොස්‌ ගුරුතුමියට එය භාර දුන්නා.
මම ෆෝන් එක සොරකම් කළේ නැහැ. එහෙත් පාසලේදී කවුරුන්

හෝ මගේ බෑගයට ෆෝන් එක දමා තිබෙනවා කියා දුව කිව්වා.

එය ගුරුතුමිය පිළිගත්තේ නැහැ. දුව පාසල් ගිය දිනවලදී මෙම ෆෝන් එක සොරා ගත්තා නේ දැයි කීප වරක්‌ම ගුරුවරිය චෝදනා කර තිබෙනවා.
ඉන්පසු පාසලේ ළමුන් ද පාතිමා ෆෝන් හොරා යෑයි උසුළු විසුළු කර තිබෙනවා. මම දුවට කිව්වා ශිෂ්‍යත්ව විභාගය ලියන තුරු කොහොම හරි පාසල් යන්න කියා ඒ ගැන බල කළා.
ඇතැම් අවස්‌ථාවල දඬුවම් ද කළා. මම කුලියට තේ දලු නෙළා ජීවත් වන්නේ. මගේ සැමියා මීට වසර තුනකට පමණ පෙර අපිව හැර දමා ගියා.
කෙසේ හෝ ඉකුත් (13) දා අසල නිවසකට මම ගියා තේ දලු කැඩීමට වැඩ තිබේදැයි විමසා බලන්න. පැයකට පමණ පසු නිවසට එද්දී දුව ගෙල වැලලාගෙන නිවස තුළ මියගොස්‌ සිටියා. පසුව මේ සිද්ධිය අසල්වාසී අයට දැනුම් දී පොලිසියට දැනුම් දුන්නා.

දැරියගේ මිත්තණිය මෙසේ ප්‍රකාශ කළාය.
මෙයා පේන්න නැහැ.ඊටපස්සේ වටේම ගිහිල් මෙතන බලනකොට කෑගහුවේ ඊට පස්සේ තමයි අපි දුවගෙන ආවේ.
ළමයින්ට වචනකින්වත් හිතරිදෙන ඒවා කරන්න එපා.වැරැද්දක් තියෙනවනම් දරුවන්ට දෙමාපියෝ ගෙන්නලා ඒක විසඳන්න.
ළමයින්ගේ හිත රිද්දන්න එපා.උගන්වලා හොඳ තැනකට ගන්න මම සෑහෙන්න උත්සාහ ගත්තා.අන්තිමට මේ දේ වෙයි කියලා මම හිතුවේ නැහැ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment