දුරකතන ඇමතුමක් නිසා මාතර අධිකරණ කටයුතු තාවකාලිකව නවතී!

දුරකතන ඇමතුමක් නිසා මාතර අධිකරණ කටයුතු තාවකාලිකව නවතී!
 
හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පණිවුඩයේ සඳහන්ව ඇත්තේ කිසියම් අයකු  අපරාධයක් කරලීම සදහා ගිණි අවියක් රැගෙන අධිකරණ භූමියට පැමිණ සිටින බවයි. මෙම ඔත්තුවත් සමග මාතර පොලීසිය විසින් මෙම අධිකරණ භූමිය වෙත පැමිණි සියලුදෙනා දැඩි සෝදිසි කිරීමකට භාජනය කර ඇත. නමුත් කිසිම ආයුධයක් පොලීසියට සොයාගැනීමට නොහැකි  විය. යම් නඩු කටයුත්තක් සදහා පැමිණි වයසක පිරිමි අයෙකුගේ ඉන ප්‍රදේශයේ තිබී පුවක් කපණ ගිරයක් පමණක් සොයාගැනීමට පොලීසියට හැකිවිය.
 
සෝදිසි කරලීමෙන් අනතුරුව යලි මෙම අධිකරණ දෙකෙහි වැඩ කටයුතු පෙරවරු එකොලහට පමණ නැවත පටන්ගැනීමට විණිසුරුවරුන් තීරණය කළහ.
 
- වාර්ථාව මාතර ඉදුනිල් කැලුම් ජයවීර- 
 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment