සැලසිනේ ඇපයෙන් සීමිතයි.

පූර්ණ අයිතිය රජය සතු, 1982 වර්ෂයේදී ආරම්භ කරන ලද සැලසිනේ රූපවාහිනී ආයතනය විසින් මූලික වශයෙන් රජයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරක කටයුතු සහ ඉසව් කළමනාකරණ කටයුතු සිදු කරනු ලබයි.

අනෙකුත් වෙළඳ දැන්වීම් ප්‍රචාරක හා ඉසව් කළමනාකරණ ආයතන හා තරගකාරීව කටයුතු කරමින්, කාර්යක්ෂම වාණිජ ආයතනයක් ලෙස ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට එම ආයතනයට හැකිවන පරිදි, 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ රජයට පූර්ණ හිමිකාරිත්වය සහිත ඇපයෙන් සීමිත පෞද්ගලික සමාගමක් වශයෙන් සැලසිනේ රූපවාහිනී ආයතනය ස්ථාපනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment