සෞදි යන දරුවන්ට සිදුවන දේ රජ කුමරිය හෙළිකරයි.


ශ්‍රී ලංකාව, බංගලාදේශය, පිලිපීනය, සෝමාලියා, ජිබුටි නයිජීරියාව, රුමේනායාව සහ බල්ගේරියාව යන රටවල අනාථ දරුවන් සෞදි ආරාබිය තුළ ලිංගික වහල් සේවයේ යොදවන බව සෞදි අරාබියේ රජ කුමරියක වන අමීර් බින්ට් අයිඩන් බින් නයිෆ් ප්‍රංශයේ ලී මොන්ඩේ නම් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙසේ හෙළිදරව් කර ඇත.

මෙම රජ කුමරිය මෑතකදී සෞදි ආරාබියේ දූෂණ මර්දන මෙහෙයුමක් අතරතුරදී අත්අඩංගුවට පත් වූ අල් වලීඩ් බින් තලාල් කුමරුගේ පෙර බිරියයි.

ජෙඩා නගරය මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහි වූවන් උදෙසා බාල වයස්කාර දැරියන් ලිංගික වහල් සේවයේ යොදවන නගරයක් බවට පරිවර්තනය කර ඇති බවද කුමරිය වැඩි දුරටත් පවසා ඇත.

මෙහිදී මෙම දරුවන් ඔවුන් මිලට ගන්නා අයගේ දේපලක් බවට පත් වන අතර අයිතිකරුවන්ගේ අවසරයකින් තොරව දරුවන්ට පිටව යාමට පවා හැකියාවක් නැත.

එමෙන්ම සෞදියට රැකියාව සඳහා එන ආසියානු ගෘහ සේවිකාවන් පවා වහලුන්ගේ තත්ත්වයට පත්වන බව කුමරිය පවසා ඇත.

බාල වයස්කාර ගැහැණු දරුවන් කුඩා කණ්ඩායම්වලට බෙදා ඔවුන්ගේ නොමනා ක්‍රියා සඳහා යොදවා ගන්නා බවද හෙළිදරව් කර ඇත.

ආසියානු කාන්තාවන්ට අමතරව සුදු කාන්තාවන්ද ගෙන්වීම සහ ලිංගික ක්‍රියාවල යොදවමින් ඔවුන් ද ගසා කෑම බහුලව සිදුවන බවද රජ කුමරිය පවසා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment