ඩී.කේ.පී. දසනායක අධිකරණය විහිළුවට අරන්

ඩී.කේ.පී. දසනායක අධිකරණය විහිළුවට අරන්

 

අදාල නඩුව අද කැඳවුණු අවස්ථාවේදී ඩී.කේ.පී. දසනායක අධිකරණයට ඉදිරිපත් වී නොසිටි අතර ඔහුගේ නීතීඥයින් ප්‍රකාශ කළේ ඔහු වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයට පැවසුවේ ඩී.කේ.පී. දසනායක අධිකරණය විහිළුවට ගෙන ඇති බවත් ඔහු සිතාමතා අධිකරණය මඟහරිමින් සිටින බවත්ය. ඔහු ඇවිදගැනීමට නොහැකිව රෝද පුටුවෙන් ගමන් කරන බවක් අධිකරණයට දන්වා තිබුණද පසුගියදා පැවති කමාන්ඩර් සුමිත් රණසිංහගේ නැන්දණියගේ අවමඟුලට ඔහු කිසිදු අපහසුවකින් තොරව ඇවිදගෙන පැමිණ ඇති බවත් එම නිලධාරීහු අධිකරණයට පැවසූහ.

ඒ අනුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, සැකකරුට වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් ලබාගත නොහැකි විශේෂ ප්‍රතිකාර ලෙස වැලිසර නාවික හමුදා රෝහලෙන් ලබාගන්නා ප්‍රතිකාර මොනවාදැයි සොයා බලන ලෙසත් ඔහුව වැලිසර නාවික හමුදා රෝහලෙන් වහාම වැලිකඩ බන්ධනාගරයට මාරු කරන ලෙසත් නියෝග කළාය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment