ඉන්ද්‍රජාලික පෙම්වත - ඉන්දික ගුණවර්ධන

ඉන්ද්‍රජාලික පෙම්වත - ඉන්දික ගුණවර්ධන

 

හිත රිදුණු දින තිබුණද
සිතූ මරණය කොතෙක් මිහිරි ද
ඔබ පැමිණ හිස පිරිමැද
ඇසිල්ලෙන් සුවපත් කලා හද

කදුළු පුරවා මා නෙත
රිදවුව ද මා හදවත
ඉන්ද්‍රජාලික පෙම්වත
ඔබේ වදනින් සැනසුනා හිත

අවසන ඔබ ගිය ද
මරා නොමරා මා හද
ඔබව සිහිවෙන සද
මියෙමි උපදිමි යළි මියෙමි අද

බොහෝ කල් ගෙවුනද
තවම ඔබගෙය මා හද
ඔබෙ කදුළු දැන් ඉවරද
තවම මම හඩනවා ඉකිබිද...

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment