සිමෙන්ති ගැහැණියක් - වර්ණ රසිකා ගුණවර්ධන

සිමෙන්ති ගැහැණියක් - වර්ණ රසිකා ගුණවර්ධන

 

සිහිවෙයි
කඳු නැග ,පල්ලම් බැස
වෙහෙස වූ ජීවිතය.
සිනා හුන්ඩුවක් උපයන්න
කඳුළු බුසලක් වැපිරූ යුගය.

කෘෂ අතැඟිලි වලින්
බර පොත් පෙරලා
ජීවිතය ජයගත් අයුරු
විශ්මිතය,සතුට දනවන සුළුය.
රහස දැනගනු කැමතිය.'

"මිත්‍රය!

එක්තරා දවසක
ඇතුළු වූයෙමි සිමෙන්ති නලයකට.
බාධා කිසිත් නැති හෙයින්
දිව්වෙමි ඉදිරියට.
ජය කනුව අසලටම.

කාලයක් ගතවත්ම
සිමෙන්ති සිනාවක් සහිත
සිමෙන්ති ගැහැණියක් වීමි මම .
රැවුම් ගෙරවුම් නොපෙනෙන
හැඟුම්,රසතැන් නොදැනෙන .
ඔබ දුටු අයුරින්ම

මා සුවෙන් සතුටින් මෙනි.
රූමත්ව ධනවත්ව වෙසෙමි.
ඉඳහිට හෙලන කඳුළුද
සිමෙන්තියෙන් සැදුනේ වෙති."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment