නවගත්තේගම පාසල් ගුරුවරියකට නැවතත් කරදරයක් ‘ඔයා මට බයදැයි‘ ඇසූ ගුරුවරයෙක් අතවරකරන්න හදලා


නවගත්තේගම පාසල් ගුරුවරියකට නැවතත් කරදරයක්
‘ඔයා මට බයදැයි‘ ඇසූ ගුරුවරයෙක් අතවරකරන්න හදලා

මින් ටික කලකට පෙර නවගත්තේගම ප්‍රදේශයේ පාසල් ගුරුවරියක දණගැස්සූ කතාව රටේ ආන්දෝලනයට ලක්වූ එකකි. එහිදී ගුරුවරිය හිංසනයට ලක්වූයේ දේශපාලකයෙකු අතිනි.
මෙවර එම පාසලේම ගුරුවරයෙකු තවත් ගුරුවරියකට අතවර කරන්න උත්සාහ කිරීමේ සිදුවීමක් නිසා ආන්දෝලනයක් ඇති කර තිබේ.

පසුගිය සතියක වැසි සහිත දිනක වයස අවුරුදු 29 ක් වන අවිවාහක ගුරුවරියක ගුරු විවේකාගාරයේ පාසල නිමවූ පසුවත් රැඳී සිට ඇත්තේ වැස්ස නිසා එළියට බසින්නට තිබෙන අපහසුව නිසාය. එම අවස්ථාවේ ගුරුවර ගුරුවරියන් කිහිප දෙනෙකුම එහි සිට ඇත. ටිකෙන් ටික පායද්දී ඇතැම් ගුරුවරු එතැනින් පිටව ගොස් තිබෙන අතර

අවසානයට ඉතිරිව සිට ඇත්තේ මේ කියන ගුරුවරිය හා තවත් ගුරුවරයෙකි. එක් දරු පියෙකු වන ඔහු මේ ගුරුවරිය සමග හිතවත් අයෙකු වන නිසාම ඔහු ගැන සැකයක් ඇයට තිබී නැත.
ටිකකින් ඇය විවේකාගාරයෙන් යන්න හදද්දී ඇගේ මග වළකා ඇති බව කියන මේ ගුරුවරයා දෙස පුදුමවී ඇය බලද්දී ඔහු ඇයගෙන් අසා ඇත්තේ ‘ඔයා මට බයද“ කියාය.
ඇය ‘ඔයාට මං බයවෙන්නෙ මොකටද ඔයා යකෙක්යැ‘ ලෙස පිළිවදන් දී ඇති අතර එසැණින්ම ඔහු ඇගේ මුඛයට අතතබා වසාගෙන ගුරු කාමරයේ මුල්ලකට ඇදගෙන ගොස් අතවර කරන්නට උත්සාහ කර තිබේ.
ඇගේ මුළු සිරුරම ඔහු ස්පර්ශ කරමින් හැට්ටය සාරිය ගලවන්නටද උත්සාහ කර ඇත. එම අවස්ථාවේ ඇය කෑගසන්නට උත්සාහ කළත් ඔහු එය වළකා ඇති අතරම වැසිවතුර ශබ්ද නිසා පිටත කාමරවලට හඩ නෑසුණ බවද ඇය මේ සම්බන්ධ පැමිණිල්ලක් කරමින් පොලිසියට දන්වා තිබේ. කෙසේ හෝ ඔහුගෙන් අමාරුවෙන් මිදී තමා පළා ආ බවද ඇය පොලිසියට දන්වා තිබේ.
මෙම සිද්ධිය ගැන පොලිසිය ආණමඩුව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයට දැන්වූ පසු ගුරුවරයා සහ ගුරුවරිය දෙදෙනාම වෙනත් පාසල් දෙකකට මාරු කර තිබෙන අතර වෙනම පරීක්ෂණයක් අරඹා තිබෙන බවද වාර්තාවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment