තෙල් අර්බුදයට හේතුව සංස්ථා නිලධාරීන්ගේ නොසැලකිල්ල බව තීරණය වේ

පසුගියදා රට තුළ පැවැති පෙට්රල් හිඟයට තෙල් සංස්ථාවේ නිලධාරීන් වගකිව යුතු බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීම සඳහා තාක්ෂණික දැනුම සහිත නිලධාරීන් තිදෙනකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක්
පත්කර වාර්තාවක් ලබා ගැනීම

යෝග්‍ය බවත් තෙල් අර්බුදය සම්බන්ධයෙන් පත්කළ අමාත්‍ය කමිටු වාර්තාව පෙන්වා දී තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.
නිසි කළමනාකාරිත්වයකින් යුතුව තෙල් ගබඩා නොකිරීම, ප්‍රධාන වශයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් නොකිරීම, තෙල් අර්බුදයකට මුහුණ දීම සඳහා නිවැරැදි යාන්ත්‍රණයක් නොතිබීම, තෙල් ගබඩාවල ධාරිතාව වැඩි නොකිරීම, දීර්ඝ කාලීන ලෙස මිලදී ගැනීම් නොකිරීම ඇතුළු කරුණු ගණනාවක් තෙල් අර්බුදයට හේතු වී ඇති බව අදාළ වාර්තාව මඟින් පෙන්වා දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අනාගතයේදී තෙල් අර්බුදයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අතිරේක ඉන්ධන ගබඩා පහසුකම් ඇති කිරීම, නූතන තොග පාලන කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම ආදී නිර්දේශ සහ එම වාර්තාවට පෙරේදා (14දා) කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.

සිදත් මෙන්ඩිස්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment