මන්ත්‍රී ධූර ප්‍රශ්නය වෙලාවේ මං ආණ්ඩුවට ආවෙ නැති නිසා ගෑස් ලිපේ ගින්නකින් මාව මරා දමන්න හැදුවා - ගීතා කුමාරසිංහ


මන්ත්‍රී ධූර ප්‍රශ්නය වෙලාවේ මං ආණ්ඩුවට ආවෙ නැති නිසා
ගෑස් ලිපේ ගින්නකින් මාව මරා දමන්න හැදුවා
- ගීතා කුමාරසිංහ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා  කුමාරසිංහ මහත්මිය බෙන්තොට පැවති පොදුජන පෙරමුණු ප්‍රවර්ධන රැස්වීමකදී තමන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් පැවති බව මුල්වරට හෙළි කර තිබේ
තමන්ගේ මන්ත්‍රී ධූරයේ ප්‍රශ්නය උසාවියේ ඇදී යද්දී ඇමතිකම් පිරිනමා තමාව නම්මවා ගන්නට උත්සාහ කළ නමුත් එයට අකමැතිවූ පසු
නිවසේ ගෑස් ලිප ගිනිගන්නට සලස්වා තමා මරන්නට හැදූ බවත් එයින් තමා බේරණ බවත් ඇය කියා තිබේ.
ඇය ඒ බව හෙළි කළේ මෙසේය.
'මම මන්ත්‍රීකම අරගෙන ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගත්තේ යහපාලන මේ හොර රැළ ගැන විශ්වාසයක් නැති නිසයි. මගේ විවාහය නිසා තිස් අවුරුද්දකට කලින්

ලැබුණු පුරවැසිභාවය මම අයින්කරගත්තා. නමුත් උසාවියේදී කිව්වා නාමයෝජනා දෙන විට පුරවැසිභාවය තිබුණා කියලා. මම පුරවැසිභාවය නැති වුණාම හඩා වැටුණේ නැහැ.

මන්ත්‍රීතම නැති වුණාම මම තුට්ටුවකට ගණන් ගත්තෙ නැහැ. මන්ත්‍රීකම අරගෙන කොන්ද නැමෙන පණ නැති පිරිමින් ඉදිරියෙ එඩිතර ගැහැනියක් හැටියට ඒකාබද්ධ විපක්ෂයට සියලු සහයෝගය දුන්නා, අන්තිමව නඩුව කිට්ටු කරලා ඇවිත් කිව්වා ඔයාලග නඩුව තව අවුරුදු දෙකකට දික්කරල දෙන්නම් ඔයාගෙ ධූර කාලය ඉවර වෙනකම් ඉන්න පුළුවන් ඔයාව ඇමැතිකමකුත් සූදානම් කරලා තියෙන්නෙ,
තීරණය සතියක් ඇතුළත කියන්න කිව්වා. මම දකුණේ අභිමානය රකිමින් කිව්වා. මම මහින්ද රාජපක්ෂ සමඟ සිටින බව.

කවුරුහරි කෙනක් කාගෙ හරි ඉගැන්නුම් බහකට කුස්සියෙ ගැස් ළිප් ඇරලා තිබ්බා. මම හවස බුදුහාමුදුරුවන්ට පහන තියන්න ගිනිකුර ගහලා විසිකරනවාත් සමඟ අත පිච්චුණා. ඔවුන්ග‍ෙ බලාපොරොත්තුව තිබුණේ මාව මරලා දාන්න. ඒත් මගේ ජීවිතය දෙවියන් විසින් බේරලා දුන්නා.'
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment