ඉරානයේ 12 ක් මරුට

ඉරානයේ 12 ක් මරුට

දෙසැම්බර් 28 වැනිදා පටන් මේ දක්වා අඛණ්ඩව පැවතෙන ඉරාන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී ඊයේ රාත්‍රියේ සිවිල් වැසියන් 9 දෙනෙක් මරණයට පත් ව ඇති අතර මේ අනුව මිය ගිය සංඛ්‍යාව 12 දක්වා ඉහළ යයි. මෙම සියලුම මරණ වාර්තා වන්නේ ආරක්ෂක අංශ සහ සිවිල් වැසියන්, එනම් උද්ඝෝෂකයන් අතර ඇති වූ ගැටුම්වලිනි. මේ අතර නජාෆාබාද් නගරයේදී පොලිස් භටයෙකු ද වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඉරිදා සවස, එනම් උද්ඝෝෂණ මාලාවේ සිව් වැනි දිනයේදී ජාතිය ඇමතූ ජනාධිපති හසන් රොහානි, මෙම උද්ඝෝෂණ රැල්ල සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළේය.

“ප්‍රජානත්ත්‍රවාදීව විරෝධය දැක්වීමේ අයිතිය අප පිළිගන්නවා. නමුත් විනාශකාරී හැසිරීම අනුමත කරන්නේ නැහැ..”යනුවෙන් ඔහු කියා සිටියේය.

ජන විරෝධය මුලින් ආරම්භ කළේ ජනපති හසන් රොහානිගේ විරුද්ධවාදීන් විසිනි. මධ්‍යම ඉරානයෙන් ආරම්භ වූ මෙම රැල්ල පසුව ඉරානයේ ප්‍රධාන පෙළේ නගර රැසකටම පැතිරී ගියේය.

කෙසේ නමුත් ජාත්‍යන්තර විචාරකයන් මෙම ගැටළුවේදී එක හෙළා පිළිගන්නා කාරණයක් වන්නේ ඉරානයේ මෙතෙක් බිහිවූ නායකයන්ට සාපේක්ෂව හසන් රොහානි මධ්‍යස්ථ මතධාරියෙක් බවයි. ඔවුහු හසන් රොහානිගේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකලාපය, හිටපු ජනාධිපති මොහොමද් අහමදිනජාද් ගේ ඒකාධිපතිවාදය සමග සන්සන්දනය කරති.

මේ අනුව සොයා බැලිය යුතු කාරණය වන්නේ සිරියානු ප්‍රශ්නය මුල් කර ගනිමින් ඉරානය අස්ථාවර කිරීම පිටුපස සිටින බලවේග කවරේද යන්නයි. මේ පිළිබඳ දීර්ඝ ලිපියක් 'අවුට් බවුන්ඩ් ටුඩේ' තුළින් බලාපොරොත්තු වන්න.

-  අමාලි ජයවීර

අවුට් බවුන්ඩ් ටුඩේ | outboundtoday.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment