ලංකාව තිබ්බාට වඩා ලොකු වෙලාලු


ශ්‍රී ලංකාව භූගෝලීය වශයෙන් සිතියම් ගත කිරීමේ කටයුතු මේ වනවිට සියයට 60කින් නිමා වී ඇති අතර නව සිතියම් ගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2.6කින් වැඩිවී ඇතැයි මිනින්දෝරු
දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


වරාය නගරය හේතුවෙන් මෙන්ම මොරගහකන්ද රක්ෂිතය ජලාශයක් බවට පත්වීම නිසා භූමි ප්‍රමාණයේ වෙනස්වීම් සිදුව ඇතැයි මිනුම්පති ජනරාල් පී.එම්.පී. උදයශාන්ත මහතා පෙන්වා දෙයි.

මෙම සිතියම්ගත කිරීම් සැටලයිට් චන්ද්‍රිකා තාක්ෂණය යටතේ 1 : 50,000 පරිමාණයෙන් (සෙ.මි 1 - කි.මී 0.5) කොටස් 92කින් සිදුකෙරෙන අතර ඉන් 65ක සිතියම් ගත කිරීම් මේ වනවිට අවසන් කර තිබේ. ඉතිරි කොටස් 27 මේ වසර අවසන් වනවිට නිමා කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

2000 වසරේදී අවසන් වරට ශ්‍රී ලංකාවේ සිතියම් ගත කිරීම් සිදුකර ඇති අතර ගතවූ වසර 18 තුළ මෙරට සිදුකර ඇති මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් භූමියේ වෙනස්වීම් දක්නට ලැබෙන බවත් එමෙන්ම වෙරළ ඛාදනය හේතුවෙන් හලාවත දක්වා වෙරළ තීරයේ අඩුවක් පෙන්වන බවත් මිනුම්පති ජනරාල්වරයා සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment