බම්බලපිටියේ Singer Mega ගිනිගෙන පළමු මහල සම්පූර්ණයෙන් විනාශයි


බම්බලපිටියේ Singer Mega භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක හටගත් ගින්නෙන් පළමු මහල සම්පූර්ණයෙන් විනාශයි
බම්බලපිටිය නගරයේ පිහිටි පෞද්ගලික භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ.

කෙසේ වෙතත් ගින්න මේ වන විට මැඩපවත්වා ඇති අතර කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව
සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ 7ක් යොමු කළ බව ය.


ගින්න මැඩපැවැත්වීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ද සහය ලබා ගත් බව වාර්තාකරු සඳහන් කළේ ය.

ගින්නෙන් ප්‍රදර්ශනාගාරයේ පළමු මහල සම්පූර්ණයෙන්ම පාහේ විනාශයට පත්ව ඇති බව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment