බංගලියන්ට එරෙහි දෙවන ටෙස්ට් ජයත් ශ්‍රී ලංකාවට

බංගලියන්ට එරෙහි
දෙවන ටෙස්ට් ජයත් ශ්‍රී ලංකාවට

චිතගොන්හිදී බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 215 කින් ජය ගැනීමට අද ශ්‍රී ලංකාව සමත් විය.
ලකුණු 339 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට දෙවන ඉනිමේදී සියල්ලන් දැවී

රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 123 ක් පමණකි.

මෙම තරගයේ දෙවන ඉනිමේදී අකිල ධනංජය විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 24 කටකඩුළු 5 ක් බිද හෙළුවේය.ඔහු සහභාගි වූ මංගල ටෙස්ට් තරගයද මෙය වන අතර මෙම තරගයේදී පමණක් අකිල ධනංජය කඩුළු 8 ක් බිද හෙළීම විශේෂත්වයකි.රංගන හේරත් බංග්ලාදේශ දෙවන ඉනිමේදී කඩුළු 4 ක් බිද හෙළීමට සමත් විය.
තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ එකට බින්දුවක් ලෙස තරගාවලී ජයද ලංකාවට හිමි විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment