FB දාන්න ඡන්ද පත්‍රිකාව පොටෝ ගහපු දෙදෙනෙක් අත්අඩංගුවට


මහනුවර, පූජාපිටිය ප්‍රදේශයේ සහ  අළුත්ගම ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන වලදී සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානින් විසින් පොලීසියට සිදු කරන ලද

දැනුම්දීමට අනුව  අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත.
මෙහිදී ඡායාරූප ගැනීම සඳහා යොදා ගත් ජංගම දුරකථන ද පොලීසිය බාරයට ගෙන තිබේ.
සැකකරුවන්ගෙන් එකත් අයෙකු  අද (10) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයටත්  අනෙක් අය 14 වනදා  කළුතර මහේස්ත්‍රාත් අධිකරණඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිසිය කළ විමසීමේදී ඔවුන් ඡායාරූප ගත්තේ ‘එෆ්බී දැමීමට‘ අවශ්‍ය නිසා යයි පවසා ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment