ඡන්දෙ දාන්න ආපු තිස්ස ජනපතිවරණයට තමා එන හැටි කියලා


එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහනුවරදී අද (10) සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි සිටියා.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු ඔහු මාධ්‍යට අදහස් පළ කළා.

එහිදී,

තමාගේ දේශපාලන ක්‍රියාකාරීත්වයේ තීරණාත්මක වෙනස ඉදිරියේදී සිදු වෙන බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක සඳහන් කළේ. ඉදිරි ජනාධිපතිවරණයත් සමග තමා යළි ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවත් එම කාලවකවානුව වන විට රටේ දේශපාලන හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනු ඇති බවත් සඳහන් කළා. ජනතාවගේ දේශපාලනික සිතුම් පැතුම් පවා වෙනස් වෙමින් යන බවද ඔහු සඳහන් කළා. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ තමන් තීරණාත්මක සාධකයක් බවට පත්වෙනු ඇති බවද පෙන්වා දුන්නා. මෙම පළාත් පාලන මැතිවරණය ඉදිරි දේශපාලන බලය උරගා බලන මැතිවරණයක් බවට පත්ව ඇති බවද පැවසුවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment