ඇලෝසියස් පාලිසේන දෙන්නාටම බන්ධනාගාරයේදී කොන්දෙ අමාරුව හැදිලා පැදුරු වෙනුවට මෙට්ට


ඇලෝසියස් පාලිසේන දෙන්නාටම
බන්ධනාගාරයේදී කොන්දෙ අමාරුව හැදිලා

පැදුරු වෙනුවට මෙට්ට


මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව රිමාන්ඩ් භාරයේ පසුවෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන රඳවා සිටින කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ E සිරමැදිරියේ රාත්‍රී නිදා ගැනීම සඳහා
සාමාන්‍යෙයන් ලබාදෙන්නේ

පැදුරක් වුවත් මොවුන්ට අවශ්‍ය මෙට්ට ලබාදී ඇති බව
නිලධාරීන් දන්වා තිබේ.
තමන්ට කොන්දේ ආඛාධයක් ඇති බවට මේ දෙදෙනාම වෛද්‍යවරුන් වෙත දන්වා තිබෙන අතර එම දැනුම්දීම මත
පෙරේදා (6) මෙම සැකකරුවන් දෙදෙනා පරික්ෂා කළ මෙවෛද්‍යවරුන්ගේ නිර්දේශය මත මෙට්ට ලබාදීම සිදු කර ඇත.
මේ අතර සිර මැදිරිය අසලට ගොස්‌ එම සැකකරුවන් සමග සුහදව කතාබස්‌ කිරීමෙන් වළකින ලෙස බන්ධනාගාර අධිකාරිය බන්ධනාගාර නියාමකයන්ට උපදෙස්‌ දී ඇති බවද වාර්තා විය.සැකකරුවන් දෙදෙනා බැලිමට ඊයේ (07) වනතුරු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හැර වෙනත් කිසිවකුත් පැමිණ නැත.
මෙම සැකකරුවන් දෙදෙනාට බන්ධනාගාරයෙන් විශේෂ සැලකිලි, පහසුකම් ලැබෙනවා යැයි කියමින් ඇතැම් පිරිස්‌ මාධ්‍ය මගින් කරන  ප්‍රකාශ නතර කිරීම සඳහා බන්ධනාගාර නියාමකයන්ට ඔවුන් හමුවීමේ අවස්ථා නවතා දමා තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment