පසුගියදා අයිපීඑල් වෙන්දේසියෙදී කිසිදු ක්‍රිකට් පිලක් මගින් මිලට නොගත් ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිලේ වේගපන්දු උපදේශක ලෙසින් තෝරාගෙන තිබේ.
ලසිත් මාලිිංග, තම කණ්ඩායම සමග සිය ගමන තව දුරටත් යනු ඇතැයි මුම්බායි ඉන්ඩියන්ස් ක්‍රිකට් කණ්ඩායම සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.
ඉන්දියානු ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම විසින් අත් නොහැර ඔවුන් සමගම තබාගත් ක්‍රීඩකයෙකු ලෙසින් ලසිත් මාලිංග මුල සිටම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පන්දු යවන්නා වී සිටියේ මිචෙල් ජොන්සන් වැනි දක්ෂ වේග පන්දු යවන්නන්ද සමගිනි. කෙසේ හෝ ලසිත් මාලිංග මෙවර කිසිදු කණ්ඩායමකට අලෙවි නොවීමත් සමග ඒ පිළිබඳ දැඩි කතාබහක් ඇති විය.
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම අලුතින්ම ගත් තීරණය වී ඇත්තේ ලසිත් මාලිංග සිය පන්දු බළඇණියේ උපදේශක ධූරයේ යෙදෙමින් දිගටම තමන් සමග මේ ගමන යනු ඇති බවයි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment