ඇප මත නිදහස ලබා ලංකාවට කොකා පෙන්වන උදයංග වීරතුංගට ඇත්තටම මොකද වුනේ?


ඇප මත නිදහස ලබා
ලංකාවට කොකා පෙන්වන

උදයංග වීරතුංගට ඇත්තටම මොකද වුනේ?


හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග ඩුබායිහිදී කොටුවී ඇති බවත් ජාත්‍යන්තර පොලිසිය  භාරයේ රඳවා තිබෙන ඔහු රැගෙන එන්නට ලංකාවෙන් කණ්ඩායමක් ගිය බවත් වාර්තාවී තිබුණ වේලාවේ ඊයේ ඔහුගේ ෆේස්බුක් පිටුවේ තමා නිදහස් වූ බව හා රතු වරෙන්තු නැති බව කියමින් වත්මන් රජයද විවේචනය කරමින් පණිවිඩයක් තබා තිබේ. ඔහුගේ සටහනට අනුව
“ඉන්ටර්පොල් පොලිසිය විසින් නතර කර, පරික්ෂා කර, මා හට ජාත්‍යන්තරව කිසිදු චෝදනාවක් නොමැති බව හා ඉන්ටර්පෝල් රතු වරෙන්තුවක් නැති බව සනාථ වීමෙන් පසු නිදහස් කළ බව කිව යුතුය...“
යන වාක්‍ය යෙන් ‘නිදහස් කළ බව කිව යුතුය‘ ලෙස දැක්වුවත් අපට වාර්තාවන තොරතුරු අනුව
සැබවින්ම සිදුව ඇත්තේ

කොන්දේසි සහිතව ඇප මත නිදහස් කිරීමකි. එක් කොන්දේසියක් වනුයේ ගැටලුව විසඳන තෙක් නැවත යුක්රේනයට යාමට නොහැකි වීමයි.

 FCID ප්‍රධානී රවී විද්‍යාලංකාර, විදේශ අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන විජේරත්න, නීතිපති දෙපාර්තමේන්තුවේ MLA අංශය භාර ප්‍රධානී නීතීඥ පාරින්ද රණසිංහ යන තිදෙනා ඩුබායි බලා ගියේ උදයංග වීරතුංග ලංකාවට ගෙන එන්නට වුවත් ඔවුන් යනවිට ඩුබායි ආගමන විගමන බලධාරීන් විසින් ඇප මත මුදා හැර තිබිණි.

කෙසේ වෙතත් ඔහුගෙන් ප්‍රකාශයක් ගන්නට ඔවුන්ට ඉදිරියේදී හැකිවනු ඇත්තේ ඔහුට ඩුබායි සිට නැවත යාමට තවම හැකියාව නැති නිසාය.
ලංකාවේ සහ යුක්රේනයේ පාස්පෝට් හිමිකරුවෙකු වූ උදයංග ඩුබායි සිට ඇමරිකාවට යාමට පාවිච්චි කර ඇත්තේ ඔහු ලංකාවේ තානාපති හැටියට සිටි සමයේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපතයි.එය කල් ඉකුත්වූ එකක් වූ අතර එය පෙන්වා බලධාරීන් නොමග යැවීම මත පමණක් අත්අඩංගුවට පත්ව ඇත.

කෙසේ වෙතත් ඔහු පවසන පරිදිම ලංකාවේ රජය රතු වරෙන්තුවක් ඔහුට එරෙහිව පනවා නැත. ඔහු අල්ලා ඇත්තේ මිග් යානා ගනුදෙනුවක් හෝ රතු වරෙන්තු ගැටලු පදනමින් නොවේ.
මූල්‍ය අපරාධ දෙපාර්තමේන්තුව ඔහුට විරුද්ධව වරෙන්තුවක් ලබාගෙන ඇත්තේ ඔහු විමර්ශනයට සහාය නොදැක්වූ නිසාය.නඩුවට දෙවතාවක් ම කැඳවූ නමුත් නො ආ නිසා ඔහුට විරුද්ධව වරෙන්තුවක් තිබෙන අතර ඔහු හමුවන්නට ගිය නිලධාරීන්ට දැන් කළ හැක්කේ ඔහු උසාවියට නොපැමිණි හේතු වෙනුවෙන් ප්‍රකාශයක් ලබාගෙන නැවත එන්නටය. උදයංගට ඉන්පසු ප්‍රශ්නයෙන් පැනයන්නට නොමිලයේම අවස්ථාව දැන් උදාවී තිබේ.
උදයංග වීරතුංග යුක්රේන පුරවැසියෙක් වන අතර ඩුබායි රඳවා ගැනීමේදී ඔහුගේ යුක්රේන ගමන් බලපතද භාරයට ගෙන ඇත. ඇප මත නිදහස් කර ඇත්තේ එය ලබා නොදීය. ඒ අනුව උදයංගට නැවත තමන්ගේ රට වන යුක්රේනයට යාමට එම බලපත අවශ්‍ය බව වාර්තාවන අතර ඔහු ඒ නිසා සිය බිරිය සමගම තව ටික දිනක් ඩුබායිහි රැඳී සිටිනු ඇත.
 ලංකාවෙන් ගිය කණ්ඩායමට උදයංග ව උදර්පණය කරවා ගැනීම පහසු නැත්තේ උදයංගට මෙතැන නඩුවක් නැති නිසාය. ජාත්‍යන්තර පොලිස් පනතේ 83 වගන්තිය ප්‍රකාරව යම් පුද්ගලයෙකුට එරෙහිව රතු වරෙන්තුවක් ලබාගත යුතු නම් සපුරාලිය යුතු කොන්දේසි ඔහු වෙනුවෙන් සපුරා නැත.
 අපරාධ නඩු පැවරීමකට යටත් කර තිබීම, එම තැනැත්තාට එරෙහිව චෝදනා ගොනු කර තිබීම යනාදී සපුරාලිය යුතු කිසිම කොන්දේසියක් උදයංග සිද්ධිය සම්බන්ධයෙන් ලංකාව තවම ඉටු කර නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment