අනුරපුර නගරාධිපති පුටුවට සීතල යුද්ධයක්

අනුරපුර නගරාධිපති පුටුවට සීතල යුද්ධයක්

අනුරාධපුර මහනගර සභාව, මිහින්තලය, තලාව, කැකිරාව, රාජංගනය, නොච්චියාගම, අනුරාධපුර නැගෙනහිර, බටහිර ඇතුළු ප්‍රාදේශීය සභා රැසක මුල් පුටු වෙනුවෙන් මෙම සීතල යුද්ධය ආරම්භ වී තිබෙන අතර ඒ එස්.එම්. චන්ද්‍රසේන හා ශෙහාන් සේමසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අපේක්ෂකයන් අතර බවද වාර්තා වේ.

එසේම අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙකු නැවත නගරාධිපති ධුරයට පත්කිරීමට සූදානමක් තිබෙන බවට රාවයක් පැතිර යද්දී ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු වන බුද්ධික ප්‍රේමදාස මහතා මුල් පුටුවට සුදුසුම පුද්ගලයා බවට තවත් මතයක් ගොඩනැගෙමින් තිබෙන බව අනාවරණය විය. බුද්ධික මන්ත්‍රීවරයා ශෙහාන් සේමසිංහ මහතාගේ අපේක්ෂකයා බව පැවසේ.

ඊට අමතරව මිහින්තලය ප්‍රදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා මෙවර සභාපති පුටුවට සුදුසු බවට මතයක් ගොඩනැගෙද්දී මිහින්තලය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක ලලිත් එදිරිසිංහ මහතා එම තනතුරට පත්කරන ලෙස යෝජනා වන බවද වාර්තා වේ. ඒ මහතා එස්.එම්.චන්ද්‍රෙස්න මන්ත්‍රීවරයාගේ පාර්ශවයේ බවද අනාවරණය වේ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ කිසිදු බල පොරයක් නොමැති බවත් අද (13) දින මහින්ද රාජපක්ෂ මහතා හමු වී මේ පිළිබඳව සාකච්ඡා කරන බවත්ය.

කෙසේ වෙතත් මෙවර මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැතිවරණ කටයුතු මෙහෙයවූ අමාත්‍ය පී.හැරිසන්, අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක් ජය ගැනීමට නොහැකි වූහ.

බී.එම්. විජේසූරිය - අනුරාධපුර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment