අත් බුලත්කොළ අපිට එපා – ගම්මන්පිල


ඒකාබද්ධ විපක්‍ෂයට සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුවද, ඔවුන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරිමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය
ගමම්මන්පිල මහතා

පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය ලැබූ පසුව පැමිණෙන ඇමතිවරුන් පිළිගත හොත් ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් කැප වූ අනෙකුත් මන්ත්‍රීවරුන් ඇතුළු ජනතාවට අසාධාරණයක්  සිදුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මේ අවස්ථවේදී  එම ඇමතිවරුන් සම්බන්ධ කර ගත නොහැකි බවත්, ආණ්ඩුව ගෙන එන නව ව්‍යවස්ථාව පරාජය කිරීමට අවශ්‍ය අවස්ථාවේදී එම සහාය ලබා ගැනීමට කටයුතු කරන බවත් ගම්මන්පිල මහතා පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment