ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් මුතුරාජවෙල වැලි පිරවුම් ඉඩම් කොටස් 2ක් බදු ගනී.


වත්තල, මුතුරාජවෙල ප්‍රදේශය බස්නාහිර පළාත් මහානගර සැලැස්මට අනුව ඉදිකෙරෙන සේවා නගරයේ කොටසක් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මුහුදු වැලි පිරවීම මඟින් එම ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද අක්කර 400ක් වූ ඉඩම විවිධ ව්‍යාපෘති සඳහා බැහැර කරනු ලැබ ඇත.

එහි ඉතිරිව ඇති ඉඩම් කොටස් 2ක් සේවා ව්‍යාපෘති සඳහා බදු පදනම මත ලබාදීමට පුවත්පත් වල දැන්වීම් පල කිරීම මඟින් අයදුම්පත් කැඳවනු ලැබ තිබේ.

එහිදී ඉහළම මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති John Keells Logistics (Pvt) Ltd., ආයතනය වෙත වසර 30ක කාලසීමාවක් සඳහා එකී ඉඩම් කොටස් 2ක බදු පදනම මත ලබාදීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment