චීනයේ ZXY Hong Kong Company වෙත කසළ ප්‍රවාහන රථ කොන්ත්‍රාත්තුවක්.

ශ්‍රී ලංකාවේ කසළ බැහැර කිරීම කාර්යක්ෂමව හා විධිමත්ව සිදු කිරීම සඳහා පළාත් පාලන ආයතන සතුව දැනට පවතින රථවලට අමතරව කසළ ප්‍රවාහන රථ 341ක් පමණ අවශ්‍ය වන බව හඳුනාගනු ලැබ තිබේ. ඉන් කසළ ප්‍රවාහන රථ 190ක් කොරියානු ණය ආධාර යටතේ ලබාගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි. තවත් කසළ ප්‍රවාහන රථ 100ක් දේශීය අරමුදල් මඟින් කඩිනමින් ලබාගැනීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ලංසු කැඳවනු ලැබ තිබේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ සැලකිල්ලට ගනිමින්, ඝනමීටර 6ක ධාරිතාවකින් යුත් කසළ ප්‍රවාහන කම්පැක්ටර් රථ 100ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව, රුපියල් මිලියන 622.13ක මුදලකට, චීනයේ ZXY Hong Kong Company Limited වෙත පිරිනැමීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment