අද තියෙන්නේ දේශපාලනයේ ජාතිවාදයක් - අනුර දිසානායක

අද තියෙන්නේ දේශපාලනයේ ජාතිවාදයක් - අනුර දිසානායක
අනුර දිසානායක මහතා මෙම අදහස් පළකළේ ඊයේ (21) කොළඹ මහජන පුස්තකාලයේදී පැවති 'අපි මිනිස්සු' ජාතික සමගි කතිකාවත සම්මන්ත්‍රණය අමතමිනි. වෙනසක ඇරඹුම සංවිධානය විසින් මෙම මහජන කතිකාවත සංවිධානය කර තිබිණි.
 
අද ජාතිවාදය තවදුරටත් ක්ෂුද්‍ර දේශපාලනය තුළ නොව මහේෂාක්‍ය දේශපාලනය තුළ පවතින බව පෙන්වා දුන් ජවිපෙ නායකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ජාතිවාදය පරාජය කිරීම වෙනුවෙන් ප්‍රබල මහජන බලයක් ගොඩනැගිය යුතු බවයි. ජාතිවාදීන් අල්ප පිරිසක් විසින් සංවිධානාත්මකව කටයුතු කරන බවත් ඔවුන් හඬින් සහ සංවිධානාත්මක බවින් ප්‍රබල බවත් ජාතිවාදයට එරෙහිව මහා සමාජය ඒ නිසා යටපත් වන බවත් දිසානායක මහතා පෙන්වා දෙයි. මෙයට සාපේක්ෂව ජාතිවාදයට එරෙහි සටන ප්‍රමාණයෙන් විශාල වුවත් හඬ දුබල බවත් අද දවසේ අපගේ කාර්යභාරය එම මහා සමාජයේ ජාතිවාදයට එරෙහි හඬ ඉදිරියට ගෙනඒම බවත් ඔහු පෙන්වා දෙයි. 
 
මෙම කතිකාවතට එක්වෙමින් ශාස්ත්‍රපති හෑගොඩ විපස්සි නාහිමි ප්‍රකාශ කළේ බුදුදහම යනු මානව කේන්ද්‍රීය පමණක් නොව සත්ව කේන්ද්‍රීය, ගහකොළ කේන්ද්‍රීය ධර්මයක් බවයි. ඒ නිසි කිසිදු ජාතිකයකට තවත් ජාතියක පුද්ගලයෙකුගේ මරණය වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බවයි උන්වහන්සේ සඳහන් කර සිටියේ. බුදුරජාණන් වහන්සේ ජාතිවාදය හෝ ජාතිය පිළිබඳව සඳහන් නොකළ බවත් මිනිසා ක්‍රියාවෙන් පමණක් උසස් හෝ පහත් වන බව දේශනා කළ බවත් උන්වහන්සේ ප්‍රකාශ කළේය. 
 
උතුරු නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ලයනල් ප්‍රනාන්දු, ශ‍්‍රී ලංකා මුස ්ලිම් කවුන්සිලයේ කැඳවුම්කරු මවුලවි මුනීර් මුලප්පන්, අලුත් පරපුර වෙනුවෙන් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය එස්.ජේ. යෝගරාජා යන මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වූහ.
 
 
api minissu 1
api minissu 2
api minissu 3
api minissu 4
api minissu 5
api minissu 6
api minissu 7
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment