මහියංගණයේ වැලි ලොරියකට සය හැවිරිදි දරුවා බිලි



බදුල්ල - මහියංගණ පගරගම්මන මාර්ගයේ මැදඔය ප්‍රදේශයේදී ඊයේ. (19) සවස 3.45ට පමණ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයකට යටවීමෙන් වයස අවුරුදු හයක දරුවකු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි මහියංගණ පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස්

ඇත්තේ මහියංගණ, දඹගොල්ල, මැදඔය, දුම්වත්ත පදිංචි ආර්.එම්. ධනුක ධනංජය නමැති මැදඔය විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකි. අනතුර සිදුකිරීමෙන් පසුව ලොරි රථය නොනවත්වාම ධාවනය කර ඇති අතර රියැදුරා ලොරිය සමග මහියංගණ පොලිසියට භාර වී ඇත. සිද්ධියත් සමගම එකතු වු මැදඔය හා ඒ අවට ගම්වාසීහු මාර්ගය හරස් කර මළ සිරුරට ආරක්ෂව සැපයුහ,

මේ අතර පොලිසිය හමුවේ වැලී රථ රියැදුරන්ගෙන් ප්‍රදේශයේ ජනතාවට සිදුවන අවහිරය පිළිබඳ දොස් නැගීමට පටන් ගත් ගමිවාසීන් නිසා එම ස්ථානයේ උණුසුම් තත්වයක්ද හටගෙන ඇත. මියගිය දරුවාට එක් සහෝදරීයක් සිටින අතර පියා යුද හමුදාවේ සේවය කරයි. අනතුර සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment