cctv කැමරා හයි කරපු ට්‍රැෆික් බයික් දාන්න යයි



මාර්ග ආරක්ෂක රාජකාරී සඳහා යොදවා ඇති පොලිස් යතුරුපැදිවලට සීසීටීවී කැමරා සවිකිරීමේ වැඩපිළිවෙළක් පොලිස් මූලස්ථානය ආරම්භ කර තිබේ.

මෙමගින් මාර්ග නීති උල්ලංඝනය කිරීම් හා

රථ වාහන වැරදි සිදු කරන රියැදුරන්ට එම අවස්ථාවේම එම වීඩියෝ දර්ශන පෙන්වා දී අවවාද කිරීම, දඩ පත්‍රිකා නිකුත් කිරීම හා නඩු පැවරීමට පියවර ගන්නා බව පොලිසිය කියයි. මෙමගින් සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට අපේක්ෂා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මේ යටතේ පළමු යතුරුපැදි කණ්ඩායම මොනරාගලදී ඊයේ (20) ආරම්භ කෙරිණි. අධිවේගී පොලීස් යතුරුපැදි 7ක් මෙහිදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.

එය ධාවනයේදී ඊයැදුරන්ට මාර්ග නීති පිළිපදිමින් දැඩි විනයක් පවත්වාගෙන යාමටත්, ඊයැදුරන් කරන වැරැද්ද එම අවස්ථාවේම ඔවුන්ට පෙන්වා දීම මගින් දිගින් දිගටම කරන වැරදි අඩු කළ හැකි බවත් පොලිසිය කියයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment