පාලම විවෘත කිරීමට ආ මන්ත්‍රීගෙන් හැඳුනුම්පත ඉල්ලූ පොලිස් පරීක්ෂකට හූවක්


බඩල්ගම අලුගොල්ලේ ඉදි කෙරුණු නව පාලම පෙරේදා 1 දහවල් විවෘත තම අවස්ථාවේ එහි පැමිණි උප පොලිස් පරික්ෂකවරයෙක් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතාගෙන් හැඳුනුම්පත ඉල්ලීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයත් උද්ගත වීය.

 පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 450ක වියදමින් ඉදි කෙරුණු මෙම නව පාලම ජනතා අයිතියට පත්කිරීම සඳහා මන්ත්‍රීවරයා පැමිණෙන අවස්ථාවේ තවත් පිරිසක් මාර්ගය අවහිර වන සේ බැකෝ යන්ත්‍ර යොදාගෙන කිසියම් උප ඉදිකිරීමක නිරතව සිට ඇත. පොලිස් නිලධාරීන් දෙදෙනකුද එම අවස්ථාවේ එහි රාජකාරියේ යෙදී සිටියදී පීත්ත පටිය කපා පාලම විවෘත කළ මන්ත්‍රීවරයා රැස්ව සිටි පිරිස ඇමතීමෙන් පසුව එහි පැමිණි උප පොලිස් පරික්ෂකවරයෙක් ශබ්දවාහීනි බලපත්‍ර ඇද්දැයි විමසා සංවිධායක කවුදැයි

විමසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේස්තර මහතා පැවැසීය.

මන්ත්‍රීවරයාගේ අනන්‍යතාව හඳුන්වාදීමෙන් පසු උප පොලිස් පරික්කවරයා හැඳුනුම්පත ඉල්ලා සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය. එම ඉල්ලීමත් සමග ජනතාව ප්‍රකෝප වී පොලිස් නිලධාරියාට දොස් පවරා ඇති අතර අනතුරුව දැඩි උණුසුම්කාරි තත්වයක් නිර්මාණය වී ඇත. ඒ අවස්ථාවේ උප පොලිස් පරික්ෂකවරයා මන්ත්‍රීවරයා හා ජනතාව සමග උච්ච ස්වරයෙන් වචන හුවමාරුවක යෙදී තිබේ. ප්‍රශ්න ඇති කර නොගෙන යන ලෙස ජනතාව මෙහිදී පොලිස් නිලධාරියාගෙන් දැඩි ලෙස ඉල්ලා ඇත. අවසානයේ ජනතාවගේ හූ හඬ මැද උප පොලිස් පරීකවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

ගුණසේකර මහතා වසර තිහකට වැඩි කාලයක් තිස්සේ දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශය නියෝජනය කරමින් පළාත් සභාව හා පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලනඥයෙකි. මේ තත්වය තුළ තමන්ගේ හැඳුනුම්පත ඉල්ලීම මහත් විහිළුවක් බව මේ සම්බන්ධව අදහස් දැක්වූ ගුණසේකර මහතා කීය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment