විශ්වාසභංගයේදී සහාය දෙන්නේ අවබෝධතා ගිවිසුමක් මත පමණයි - විග්නේෂ්වරන්

විශ්වාසභංගයේදී සහාය දෙන්නේ අවබෝධතා ගිවිසුමක් මත පමණයි - විග්නේෂ්වරන්

කෙසේ වෙතත් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර යන ආරංචි මාර්ගවලට අනුව ඔවුන් අගමැතිවරයා ආරක්ෂා කරන තීන්දුවක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අද රැස්ව අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර එය දෙමළ ජනතාවගේ යහපත සම්බන්ධයෙන් සලකා බලා සිදු කරන බව එම පක්ෂය සඳහන් කරයි.

දෙමළ සන්ධාන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (02) ප්‍රකාශ කළේ දකුණේ ඇති වී තිබෙන අර්බුදය හරහා ආණ්ඩු පෙරලියක් සිදු වුවහොත් එය දෙමළ ජනතාවට අවාසියක් බවයි. වත්මන් රජය උතුරේ ජනතාවට ලබා දී ඇති සහන සම්බන්ධයෙන් සලකා බලා විශ්වාසභංගයේදී කළ යුත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

දෙමළ ජාතික සන්ධානය සතු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන ප්‍රමාණය 16 කි.

මේ අතර රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය ද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයට අද (03) එළඹෙන බව ප්‍රකාශ කර තිබේ. පක්ෂයේ දේශපාලන අධිකාරිය සමග පවත්වන සාකච්ඡාවකින් පසුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි බදුර්දීන් ඇමතිවරයා සඳහන් කරන්නේ.

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය සතුව මන්ත්‍රී ධූර 06 ක් ඇති හෙයින් එම පක්ෂයේ තීරණය ද අතිශය වැදගත් වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment