මහින්ද පිලෙන් ඊ.පී.ඩී.පී.නායකයින්ට කළ බලපෑමක් හේතුවෙන් ඊ.පී.ඩී.පී.සංවිධානය උතුරු පළාත තුළ දැඩි අර්බුදයකට ලක්ව සිටින බව එම සංවිධානය කියයි.
යාපනයේ වේලනෙයි ප්‍රාදේශීය සභාවට මහින්ද පිලෙන් තරග කළ නාදන් කෝමනී මහතා උප සභාපතිවරයා වශයෙන් පත් කරන ලෙස මහින්ද පිලේ පිරිසක් කර ඇති බලපෑම මත ඊ.පී.ඩී.පී. සංවිධානය එසේ කළ නමුත් මේ වනවිට උතුරේ දේශපාලන බලවේග විසින් ඊට දැඩි විරෝධයක් පලකරන බව ඊ.පී.ඩී.පී.සංවිධානය පවසයි.
වේලනෙයි ප්‍රාදේශීය සභාව සඳහා මහින්ද පිලෙන් තරග කළ පිරිසෙන් සභිකයින් දෙදෙනෙකු පත් වූ බව පෙන්වා දෙන ඊ.පී.ඩී.පී.සංවිධානය එහි උප සභාපතිධූරය සඳහා දෙමළ ජාතික සන්ධානයේ අයෙකු පත්කරන මෙන් දැඩිව ඉල්ලීමක් කොට තිබියදී මහින්ද පිලේ සභිකයෙකු පත් කිරීමෙන් මෙම විරෝධය ආරම්භ වී ඇතැයි ඊ.පී.ඩී.පී.සංවිධානය කියයි.
උතුරේ පළාත් පාලන ආයතන කීපයකටම නාම යෝජනා ලබා දීමේදී ඊ.පී.ඩී.පී. සංවිධානය හා මහින්ද පිල එක්ව නාම යෝජනා ලබා දීම නිසා මේ අන්දමට මහින්ද පිලෙන් බලපෑම් එල්ල වන බවද ඊ.පී.ඩී.පී.සංවිධානය වැඩිදුරටත් කියයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)

0 comments :
Post a Comment