ඇප ලබා සිටියදී දෙවන වරටත් එකම සිසුවිය අපයෝජනය කළ දූෂකයා


මව්පිය භාරකාරත්වයෙන් මුදා බාල වයස්කාර දැරියක පැහැර ගැනීම සම්බන්ධයෙන් ඇප මත  මුදාහැර සිටියදී එම දැරිය යළි  දෙමවුපියන්ගෙන්  රැගෙන ගොස්  දූෂණය කර සැගවී සිටි සැකකරුවෙකු පුරා මාස තුනක
කාලයක් සැගව

සිටියදී අත්අඩංගුවට ගැනීමට ගාල්ල කොටුව පොලිස් නීතිය බලගැන්වීමේ ඒකකය පෙරේදා (21) සමත්ව තිබේ.

2018 ජනවාරි 2 වන සැකකරු බාලවයස්කාර  දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර පලාගොස් ඇති අතර අනතුරුව සැකකරු බද්දේගම,පදවිය යන ප්‍රදේශවල සැඟව සිට ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ. එම ස්ත්‍රී දූෂණ සිද්ධියෙන් අනතුරුව හබරාදුව පොලීසිය දැරිය සොයාගෙන පරිවාස භාරයට පත්කර තිබේ. මව්පිය බාරකාරත්වයෙන් මුදා එම දැරිය මෙයට පෙර 2017 නොවැම්බර් මස 9 වෙනි දින පැහැරගෙන ගොස් ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකකරු ඇප ලබා සිටියදී දෙවන වරට 2018 ජනවාරි 2 වනදා නැවත පැහැරගෙන ගොස් ස්ත්‍රී දූෂණ සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

 නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ මෙහෙයවීම මත ගාල්ල කොටුව නීතිය බලගැන්වීමේ ඒකකය මෙම වැටලීම සිදුකළහ. සැකකරු  හබරාදුව පොලීසියට බාර දී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment