වසර 3කට පසු කලා වැව පිටාර මට්ටමට

වසර 3කට පසු කලා වැව පිටාර මට්ටමට
 
මේ දිනවල ජල පෝෂක කලාපයන්ට පවතින අධික වර්ෂාව සමග කලා වැවෙහි ජලය අක්කර අඩි ලක්ෂයක් පිරී පිටාර මට්ටමට පැමිණ තිබීම හේතුවෙන් අද පස්වරු12.30 ට පමණ එහි හදිසි වාන් දොරටු දෙක අඟල් 06 බැගින් විවෘත කිරීම සිදුකෙරුණි.
 
විවෘත කළ  වාන් දොරටුවකින් තත්පරයට ඝණ අඩි 1000 ක ජලය නිකුත් කිරීම සිදුවෙයි. කළා වැවේ වාන් ජලය කළා ඔය හරහා රාජාංගනය ජලාශයට මුසුවන අතර වාන් දොරටු විවෘත කර පැය 6 -7 ක් ඇතුළත කළා වැවේ වාන් ජලය රාජාංගනය ජලාශයට එකතු වීමට නියමිතය. මාස 36 කට පමණ පසුව මෙලෙස කළා වැවේ වාන් දොරටු විවෘත කිරීම විශේෂත්වයකි. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කලා වැව වාරි ඉංජිනේරු එම්.එච්.එම්.ආර් බංඩාර මහතා,
 
"කලා වැව ජලාශයේ හදිසි වාන් දොරටු විවෘත කරනු ලැබුවේ ආපදා තත්ත්වයක් හේතුවක් නිසා නොවෙයි. කලා වැව සක්‍රීය මට්ටමට පැමිණ ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබීම හේතුවෙන් හා රාජාංගනය ජලාශය තවමත් පිටාර මට්ටමට නොපැමිණීම හේතුවෙන් අඟල් 6ක් වාන් දොරටු දෙක විවෘත කළා. ඒ අනුව තත්පරයට ඝණ අඩි 1000 ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරෙනවා. කළා ඔයෙහි කාලයක් තිස්සේ විශාල ජල ප්‍රමාණයක් ගලා නොයෑම හේතුවෙන් ජනතාව ස්නානය කිරීම, ගවයින් බැදීම ආදිය සුපුරුදු පරිදි සිදු කරන බැවින් ජනතාව දැනුවත් කිරීම සඳහා ආපදා කළමණාකරන මධ්‍යස්ථානය ඇතුළු අදාළ ස්ථාන දැනුවත් කර තිබෙනවා."
 
 බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment