අනුරුද්ධ පොල්ගම්පල රහස් පොලිස් අත්අඩංගුවට !

අනුරුද්ධ පොල්ගම්පල රහස් පොලිස් අත්අඩංගුවට !
2004 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ පොල්ගම්පල මහතා පසුව මන්ත්‍රීධූරයෙන් ඉවත් කෙරිණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් විදෙස්තගත කිරීමේ චෝදනාවක් ඔහුට එල්ල වූ බැවිනි. පසුව බැසිල් රාජපක්ෂ හා සමීපව කටයුතු කළ ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ කඳවුරේ කටයුතු කළේය.
 
ඉන්පසු පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක් වූ අතර පසුගියදා ඔහු රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත් කෙරිණි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ජවිපෙ ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් පොල්ගම්පල සභාපති තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සිදුවිය.
 
උතුරු වසන්තය යටතේ සිදුකළ සංවර්ධන ව්‍යාපෘති සඳහා පස් සැපයීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන ඇති අනුරුද්ධ පොල්ගම්පල, පස් සැපයූ සැපයුම්කරුවන් වෙත ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වංචා කර ඇති අතර ඔහු ඒ සඳහා අගරු චෙක්පත් ලබාදී තිබේ. කිලිනොච්චි අධිකරණයේ ඔහුට එරෙහිව පස් සැපයුම්කරුවන් විසින් නඩුවක් ගොනුකර ඇති අතර අත්අඩංගුවට ගත් පොල්ගම්පල මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.
 
ඇපමත නිදහස් කෙරුණු පොල්ගම්පල පසුව දිගින් දිගටම අධිකරණය මගහැර තිබේ. එසේ දිගින් දිගටම අධිකරණය මගහැර සිටීම හේතුවෙන් ඔහු රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔහු 2017 වසරේදී මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ අත්අඩංගුවට ද පත්විය. මීට අමතරව තවත් මුල්‍ය වංචා සම්බන්ධ චෝදනා කිහිපයක් ඔහුට එල්ල වී තිබේ.
 
පොල්ගම්පල ජනාධිපතිවරයා වෙත සමීපවීමෙන් පසුව රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති තනතුරට පත්කර ඇත්තේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ නිර්දේශය මත බවයි වාර්තා වන්නේ. පොල්ගම්පල පිළිබඳ ජනාධිපතිවරයා සත්‍ය තත්වය අවබෝධ කරගෙන ඇත්තේ විවිධ පාර්ශ්වයන් අදාල පත්කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දැක්වීම හේතුවෙනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment